ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අලි පැටවුන් සොරකම් කල උඩුවේ ධම්මාලෝක හිමියන් සහ අලි රොෂාන් නිදහස් කලේ නීතිපති.

අලි පැටවුන් සොරකම් කිරීමේ චෝදනා ලත් උඩුවේ ධම්මාලෝක හිමියන් සහ අලි රොෂාන් නමැත්තා නිදහස් වීමට හේතුව ඔවුන් මුදාගැනීමේ අරමුනින්ම සැලසුම් සහගතව දුර්වල චෝදනා ඉදිරිපත් කිරීම බවට මේ වනවිට සැකයක් මතුව තිබේ.

ජ්‍යේෂ්ඨ නීතිවේදීන් පෙන්වාදෙන්නේ මේ විත්තිකරුවන්ට එරෙහිව බරපතළ චෝදනා ගොනු කළ හැකිව තිබියදී, රාජ්‍ය දේපොළ සොරකම් කිරීම යන කරුණ හිතාමතා මගහරිමින් චෝදනා ගොනු කිරීම බරපතළ සැක මතු කරන්නක් බවයි.

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී උන්වහන්සේ භාරයේ අදාළ අලි පැටවා සිටීම යන කරුණ අත් හැර ඇති බවත්, අලි රොෂාන් නැමැත්තාට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී වනයෙන් සොරකම් කරන ලද යන කොටස මග හැර ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ නිසා විනිසුරුවරුන්ට කළ හැක්කක් නැති බවත්, නීතිපති දෙපාර්තමේන්තුවේ මේ හැසිරීම බරපතළ තත්වයක් බවත් ඔවුහු අවධාරණය කර සිටිති.