ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සිසුවියන් දෙදෙනෙක් කහ ඉර මත පාසල් යතුරුපැදික ගැටෙයි – (CCTV දර්ශන)

හාලිඇල, බණ්ඩාරවෙල මාර්ගයේ කහ ඉර මතදි යතුරුපැදිකරුවෙකු විසින් සිසුවියන් දෙදෙනකු අනතුරට ලක් කර ඇත. අද(08) උදෑසන 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අදාළ අනතුර සිදුවන ආකාරය අසල සවිකකර තිබූ ආරක්ෂික කැමරාවකද සටහන්ව තිබුණි. අදාළ අනතුරින් මෙම සිසුවියන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති අතර අදාළ සිදුවියන් දෙදෙනා බදුල්ල මහ රෝහලට අතුළත් කර තිබේ.

හාලිඇල දෙමිළ මහ විදුහලේ ඉගනුම ලබන 17 හැවිරිදි සිසුවියන් දෙදෙනා උදෑසන පාසැල් වෙත පැමිණීම සඳහා කහඉර මතින් ගමන් කරමින් සිටියදී බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. අදාළ අනතුර සිදුකළ රියදුරු හාලිඇල පොලීසිය මඟින් අත්අඩන්ගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ හාලිඇල පොලීසිය මඟින් සිදුකරයි.