ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlidervariety

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුළු කාර්ය මණ්ඩළයම කාන්තාවන් වෙයි – කාන්තා දිනයේ අපූරු වෙනස (PHOTOS)

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම සම්පූර්ණ කාන්තා කර්ය මණඩළයක් සහිතව ගුවන් ගමනක් සඳහා එක්ව තිබේ. ඒ අදට (8) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිවයි.

කාන්තාවන් පමණක් සහභාගී වී සිටින ගුවන් යානා කාර්යය මණ්ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මඟින් සිංගප්පූරුව වෙත පිටත් කර යැවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.

මේ සඳහා මෙම යානයේ ප්‍රධාන නියමුවා මෙන්ම , සහායක නියමුවා ද කාන්තාවන් වූ අතර , අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලයේ සියලු දෙනා ද කාන්තාවන් වූ අතර , එහි සිටි සමස්ථ කාර්යය මණ්ඩලය 08 ක් විය.

මොවුන් අද අලුයම 1.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 306 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර , මෙම ගුවන් යානය තුළ පිරිමි මගීන් කීප දෙනෙකු පමණක් සිටියහ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම ගුවන් ගමන සඳහා ඒ- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොඳවා තිබුණි.