හෘදයාබාධ සහ සිරුරේ සීනි මට්ටම ඉහළ යෑමට කපුවකුගෙන් ප්‍රතිකාර ගන්න දේවාලයට ගිය තිදරු පියා මරුට
අසනීප තත්ත්වයක් හේතුවෙන් දේවාලයකින් ප්‍රරථිකාර ලබා ගනිමින් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් ගලේවෙල හිනුග්ගල ප්‍රදේශයේ දේවාලයක හිමිකරුවකුගේ නිවසේ සාලයේ තිබි සොයා ගත් බව ගලේවෙල පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල දේවහුව පන්ගල ප්‍රදේශයේ පදිංචි කේ.ජී. ජයසේන නැමති 68 හැවිරිදි තිදරු පියෙකි.
හෘදයාබාධ සහ සිරුරේ සීනි මට්ටම ඉහළ යෑම යන රෝග සඳහා දීර්ඝකාලීන ප්‍රථිකාර ලබමින් සිටී මියගිය පුද්ගලයා අද අළුයම 1.30 ට පමණ ශාන්ති කර්මයක් කිරීම සඳහා ගලේවෙල හීනුග්ගල ප්‍රදේශයේ පිහිටි “දෙයියා මාමා දේවාලය ” නමින් හඳුන්වන දේවාලයකට දරුවන් විසින් රැගෙනවිත් තිබූ බව පොලීසිය සඳහන් කළේය.
එම දරුවන් කියා සිටියේ සිය පියා යම්කිසි අදෘෂ්‍යමාන බලවේගයකින් ක්‍රියා කරන්නට වූ බවත් ඒ අනුව ප්‍රතිකාර කිරීමට දේවාලයට රැගෙන ආ බවද පසුව දේවාලයට ගොස් නූල් දමා ශාන්තිකර්මයක් සිදුකොට කපු මහතාගේ නිවසේ සාලයට රැගෙන යද්දී ඔහු සිහිසුන් වූ බවය. සුව කපුමහතා කියා ඇත්තේ මද වේලාවක් ඒ ආකාරයෙන්ම ඔහුට සිහි මුර්ජාවෙන් සිටිය යුතු බවය.
කෙසේවෙතත් උදෑසන වන විට එම රෝගියා මියගොස් බව දැනගෙන ගලේවෙල පොලීසියට පැමිණිලි කළ බව ඥාතීහු පැවසීය.
අදාළ වසම බාර ග්‍රාමනිලධාරි වරයා සහ ගලේවෙල පොලීසිය පැමිණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමේදී දේවාලයේ කපු මහතා කියා සිටියේ තමන් කිසිදු අකුරු කියවීමට ලිවීමට නොහැකිව සිටින අයෙකු බවය.
එමෙන්ම තමන් දේවාරූඪයෙන් ප්‍රථිකාර සිදුකරන බවත් දේවාරූඪය පවතින වේලාවේ කුමක් කරනවාද කුමක් සිදුවෙනවාද යන්න තමන් පියවි සිහියට ආ වෙලාවට නොදන්නා බවය. මෙන්ම එම අවස්ථාවේ සිදුවන ක්‍රියාදාමයන් කුමක්ද යන්න නොදන්නා බවද කීවේය.
මියගිය අයගේ ඥාතීන් හා දරු දැරියන් මෙම දේවාලය පිළිබඳව දැඩි විශ්වාසයක් පවතින බවද ඔවුහු සඳහන් කළහ.
කෙසේවෙතත් මෙම මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බව පොලීසිය සඳහන් කළේය. අධිකරණයට කරුණු වාර්තා කොට ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන බව පොලීසිය සඳහන් කළේය. ගලෙවෙල් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වයි.