ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මධූෂ් ඇතුළු පිරිස අද යළි ඩුබායි අධිකරණයට

ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අද(28) යළි ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පසුගියදා ඩුබායි හි හෝටලයක පැවැති සාදයක් අතරතුරදී මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

මත්ද්‍රව්‍ය භාවිතය සහ ළඟ තබා ගැනිමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මෙම පිරිස මේ වන විට ඩුබායි හි බන්ධනාගාර ගතව සිටින අතර ඔවුන් අද දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම පිරිසත් සමඟ අත්අඩංගුවට පත් වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ෂාබ්දික වෙල්ලප්පිලි මහතා සඳහන් කළේ මොවුන් යළිත් මාසයක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ඇති බවයි. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහා තමන් ලබන දෙවැනිදා ඩුබායි බලා පිටත්ව යාමට සූදානමින් සිටින බව ද වෙල්ලප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් මෙතෙක් චෝදනා ගොණු කර නොමැති අතර වෛද්‍ය වාර්තා සහ මුතා සාම්පල වාර්තා ද ලැබී නොමැති බව ෂාබ්දික වෙල්ලප්පිලි මහතා සඳහන් කළේය.