මංගල සමරවීරගේ සිහිනය වෙනුවෙන් “ඛේමාගේ කොලුවා” හෙට
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය හෙට (28) පස්වරු 3:00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙයි. මෙම උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ය.
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනුයේ ජාත්‍යන්තර කීර්තිධර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනී සැමැන්තා පවර් මහත්මිය විසිනි. වසර 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වී ආ මංගල සමරවීර මහතා එදා මෙදාතුර ඇමැති ධුර ගණනාවක් දරමින් කටයුතු කර තිබේ.
ප්රජාතන්ත්රවාදය, ජාතික සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය මත රට ගොඩනැගිය යුතුය යන තිර අධිටනේ සිට සිය දේශපාලන දිවිය පෝෂණය කල සමරවීර අමාත්‍යවරයාගේ මෙම සැමරුම් උළෙල සිහිනය වෙනුවෙන් “ඛේමාගේ කොලුවා” නමින් සංවිධානය කොට ඇත.
