මහින්ද සහ මෛත්‍රීගේ මන්ත්‍රීවරු 12ක් 2018 වසර තුල මැතිසබේදී එක දවසක්වත් කතා කර නෑ.
පසුගිය 2018 වර්ෂයේ මහින්ද පිලේ මෙන්ම ශ්‍රිලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනකුම පාර්ලිමේන්තුවේදී එකම දවසක් හෝ අදහස් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ. මන්ත්‍රී ඩොට් එල්. කේ (Manthri.lk) නැමති වෙබ් අඩවිය මගින් සිදුකළ විශ්ලේෂණයක්දී මේ බව තහවුරු වී තිබේ. පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා හැන්සාඞ් දත්ත මත පදනම්ව මෙම විශ්ලේෂණය සිදුකර තිබේ.
මෙම මන්ත්‍රීවරුන්ගෙන් 12 දෙනාම ඒක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර ඉතා වැදගත් අනපනත් පැවති අවස්ථාවලදී පවා මෙම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණ නැත.
මේ අනුව ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ සරත් අමුණුගම, ඉන්දික බණ්ඩාරනායක, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අංගජන් රාමනාදන්, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත්, ජනක බණ්ඩාර, ආරුමුගන් තොණ්ඩමන්, තේනුක විදානගමගේ සහ දුලිප් විජේසේකර යන මන්ත්‍රීවරුන් 2018 වසරේදී පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වා නොමැත.
2018 වසරේදී පාර්ලිමේන්තු දින 77ක් පවත්වා ඇති අතර ඉහත සඳහන් කළ මන්ත්‍රීවරුන්ගෙන් 7 දෙනෙකුම පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ එයින් දින 30කට අඩු සංඛ්‍යාවකදී පමණි. ඒ අතරින් මාතලේ දිස්ත්‍රික්කයේ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ දින 16ක් පමණි.