ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ් ඇතුලු කණ්ඩායම හෙට අධිකරණයට

ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිටින පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස හෙට යළි ඩුබායි  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා ප්‍ර‍කාශ කළේ, අදාළ සැකකරුවන් තවත් මාසයක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති බවයි..

එරට ප්‍රධාන විශෝධක විසින් කරන ලද ඉල්ලීමක් අනුව එය සිදු වීමට නියමිත බව ද ඔහු ප්‍ර‍කාශ කළා. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්දැයි තහවුරු කර ගැනීම සඳහා එරට පොලීසිය කැඳවූ අවසන් වාර්තාව මෙතෙක් ඉදිරිපත්ව නොතිබීම ඊට හේතුවයි.

එහිදී ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි තහවුරු වුවහොත් එරට නීතිය අනුව වසර 3ක සිර දඬුවමක් සහ ඩිරාම් 10000ක දඩ වීමේ ඉඩක් පවතිනවා.