උසස් තාක්ෂණ සිසුන්ට කදුළු ගෑස් ප්‍රහාර
විරෝධතා පාගමනක් හේතුවෙන් පුංචි බොරැල්ල ,මරදාන අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි. උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම වාහන තදබදය ඇති වී තිබේ.
උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට කොටුව ලෝටස් පාර අසල දී පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදී. දැනට සිසුන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
