ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලංකාවේදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය අද කොල්ලුපිටියේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් තොගය වන හෙරොයින් කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා STF සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් හැකිවි තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 2945 කි. කොල්ලුපිටිය ‍සුපිරි වෙළඳ සංකීර්ණය අසල ඇති රථ වාහන ගාල් කරනු ලබන ස්ථානයේ දී අද(23) අළුයම මෙම වැටලීම සිදු කර තිබේ. එම වැටලීමේ දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත. ඔවුන් වයස අවුරුදු 32 හා 43 වයස්වල පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.