ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් චමල් සහ මහින්ද ඉල්ලා අස්විය යුතුයි – වාසුදේව නානායක්කාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් පත් කළ නියෝජිතයින් තවමත් එහි සිටින බැවින් ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. සම්බන්ධන් මහතාගේ නියෝජිතයා තවමත් එම සභාව තුළ කටයුතු කරන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා දැඩිව ප්‍රශ්න කර සිටියේය. ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයා වශයෙන් සිටියදී ඔහුගේ නියෝජිතයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කර තිබුණේ චමල් රාජපක්ෂ මහතාවය.

එසේම වත්මන් තත්වය යටතේ ව්‍යවස්ථා සභාවෙහි සියලු දෙනාම ඉල්ලා අස්විය යුතු බව ද වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කළේය. වාසුදේව නානායක්කාර මහතා මේ අදහස් පළ කළේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සිරිසේන ජනාධිපතිවරයා මෙන්ම මහින්ද රාජපක්ෂ අැතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විවේචනය කලද  ව්‍යවස්ථා සභාවේ වත්මන් සංයුතිය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක්ම එහි සිටී. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයාගේ නියෝජිත මහින්ද සමරසිංහ සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිත චමල් රාජපක්ෂ වශයෙනි.