බඩ ඉරිඟු අලවියට සෙල්වම්මා ට පිහිටවූ නව තාක්ෂණය.
සෙල්වම්මා ට දැන් අවුරුදු 75ක් 80ක් විතර ඇති. ඇය මේ ඉන්නේ බැංගලෝරයේ නැතිනම් Bengaluru හි Vidhana Soudha ප්‍රදේශයේ මාර්ගයක. කීයක් හරි හොයාගන්නේ බඩ ඉරිඟු අලෙවි කරලා.
මේ බඩ ඉරිඟු තම්බපු ඒවා නම් නොවෙයි.ඒවා පුච්චපු ඒවා. බඩ ඉරිඟු පුච්චන්නේ නව තාක්ෂණය භාවිතයෙන් සූර්ය බල ශක්තියෙන්. මේ නව තාක්ෂණික උපාංගයෙන් පුංචි විදුලි පංකාවකුත් වැඩ.
ඇය කියන්නේ වසර 18ක සිට බඩ ඉරිඟු අලෙවි කරන බවයි. පසුගිය සතියේ රාජ්‍ය නොවන සංවිධානයකින් මේ නව තාක්ෂණික උපකරණය ඇයට පරිත්‍යාග කර තිබෙනවා.






