පොලිස් නිලධාරියාට පහරදුන් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි ආගිය අතක් නැහැ
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියාට පහරදුන් බවට චෝදනා එල්ලව ඇති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රදේශය හැරගොස් ඇති බව වාර්තාවේ. මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා ද ප්‍රදේශය හැරගොස් ඇති බව පොලිසිය පවසයි. බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කතානායකවරයාටද දැනුම් දී තිබේ.
සිද්ධිය සිදු වන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ රථයේ යතුර ද පැහැරගෙන පසුව ලබාදී ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.
සිය වාහනය නවත්වා පදිකයින්ට පාර මාරු වීමට ඉඩ සැලැස්වූ බණ්ඩාරවෙල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බැන වැදීමේ සිද්ධියක්ද මිට හය මසකට පෙර වාර්තා වුනි.