ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

සෞදි ජාතික අල් කුනුන්ව කැනඩාව පිළිගනී

පවුලේ තාඩන පීඩන ඉවසා ගත නොහැකිව පලා ආ සෞදි ජාතික කාන්තාවට එක්සත් ජාතීන්ගේ සරණාගතභාවය හිමි වීමෙන් පසු ටොරොන්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඇය කැනඩාවට පැමිණියාය. ඇයව නීර්භිත නව කැනේඩියානු කාන්තාවක් ලෙස කැනඩා විදේශ ඇමැතිනී ක්‍රිස්ටියානා ෆරීලන්ඩ් මහත්මිය විසින් පිළිගන්නා ලදී.

රාවුෆ් මොහොමඩ් අල් කුනුන් නම් 18 හැවිරිදි ඇය ඉකුත් සතියේ බැංකොක් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ හෝටල් කාමරයට වී තම පවුලේ උදවිය සිටින කුවේට්ය බලා යාම ප්‍රතික්ෂේප කළාය.

ඇය ටොරොන්ටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන විට කැනඩාවේ නම සඳහන් ඇඳුමකින් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංජනය සහිත හිස්වැසුමක් පැළඳ සිටියාය. ඇය කැනඩාව බලා පිටත් වීමට පෙර ‘මම එය කළා.’ යනුවෙන් ඇයගේ ට්විටර් ගිණුමේ පණිවුඩයක්  සඳහන් කරමින් ගුවන් යානයේ ඇතුළත ඡායාරූප කිහිපයක් යොදා තිබිණි.