ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හෝටලයකට කඩා වැදී පිස්තෝල පෙන්නා තර්ජනය කළ මහින්ද පිලේ මන්ත්‍රී STF අත්අඩංගුවට

හෝටලයකට කඩා වැදී පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටාන ප්‍රාදේශීය සභාවේ මහින්ද රාජපක්ෂ පාර්ශ්‍යවයේ දිනේශ් ද සිල්වා නම් මන්ත්‍රිවරයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (29) අත් අඩංගුවට ගෙන තිබේ. මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පසුගිය 16 වනදා ජාඇල, මාඑළිය ප්‍රදේශයේ හෝටලයකට කඩා වැදී එහි හිමිකරුට පිස්තෝලයක් පෙන්නා තර්ජනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකාර මන්ත්‍රී දිනේශ් ද සිල්වා ජාඇල පිහිටි ඔහුගේ නිවසේදී අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුට අමතරව තවත් දෙදෙනෙක් සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් බවත් ඔවුන් සන්තකයේ තිබී පිස්තෝලයක් ද හමුවූ බවත් පොලිසිය පවසයි.

වැඩිදුර විමර්ශන ජාඇල පොලිසිය විසින් සිදු කරනු ලැබේ.