ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්දට විපක්ෂ නායකකමත් අහිමි වෙයිද? – කතානායකගේ තීන්දුව අද

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුවට අද (21) තීන්දුව ලබා දීමට නියමිතය. අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද නැත්නම් ආර්.සම්බන්දන් මහතාද යන්න නිවේදනය කරනු ඇත.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහය පළකිරීම නිසා ඔවුන්ට තවදුරටත් විපක්ෂයේ රැඳී සිටිමින් විපක්ෂ නායක ධූරය දැරීමට හැකියාවක් නොමැති බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කර තිබුණේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී ගණනක් හිමි විපක්ෂයේ පක්ෂයක් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයහිමිවිය යුතු අතර ඒ සඳහා ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා සහ මහින්ද අමරවීර මහතා යෝජනා කර තිබුණි.

ඒ අනුව එය පාර්ලිමේන්තුවට කථානායකවරයා විසින් දැනුම් දුන් අතර එය එසේ නොවන වගට පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තු සභා වාරයේදී විවාද කෙරුණි.

එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අවධාරණය කළේ මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇති හෙයින් ඔවුන්ගේ මන්ත්‍රී ධූර ද අහෝසි වන බවයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. එහෙයින් මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවට යෝජනා ඉදිරිපත් විය. මන්ත්‍රීවරු 09 දෙනෙකු එම යෝජනාව කථානායකවරයාට භාර දී ඇත.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය දැරිය හැකිද යන ස්ථාවරය අද දින පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි කථානායක කරු ජයසූරිය මහතා පැවසුවේ.