ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනපති සිරිසේනට අං ආපු හැටි බිමල් පාර්ලිමේන්තුවේදී කියයි !

ලොකු තනතුරු ලැබුණාම සමහරුන්ට අං නොව අං තට්ටු එනවා. ජනාධිපතිතුමා දැන් හිතන්නේ එතුමා එංගලන්තයේ බකිංහැම් මාළිගාවේ කෙනෙක් විදිහට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රීවරුන්ට ඇමැති තනතුරු නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවැසීම ඉතා නරක නපුරු තත්ත්වයකැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි සඳහන් සභාව කල්තබන යෝජනාව පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තුවේදී  පසුගියදා (19) අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකා නිදහසේ පක්ෂයෙන් ආණ්ඩුවට එන අයට ජනාධිපති ඇමැති තනතුරු නොදී ඉන්නව. නමුත් ජනාධිපතිතුමා ළඟට එන එජාප , ටී.එන්.ඒ  අයට ජනාධිපති ඇමැතිකම් දෙනවා. එය හොඳ දේශපාලනයක් නෙවෙයි. ජනපති තනතුර තමන්ගේ පෞද්ගලික වාසියට නොව රට වෙනුවෙන් පාවිච්චි කළ යුතුයි.”

(News Tube)