විපක්ෂ නායක ධූරයට ‘පොහොට්ටුවේ’ මහින්දව නම් කරනවා – දිනේෂ් ගුණවර්ධන
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවට කථානායකවරයා දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාගැනීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වුවද මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්නා ලදි. එමනිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු නොවන මන්ත්‍රීවරයෙකු විපක්ෂ නායක ධුරයට නම් කිරීම යම් ගැටළුවක් නිර්මාණය කරන බව දේශපාලන විචාරකයින් සදහන් කරයි.
මේ අතර මෙම ගැටළුව නිරාකරනය කර ගැනීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අගහරුවාදා පෙරවරුවේ පැවැත්වීමට ද තීරණය කර තිබේ. හෙට(17) දිනය තුළ සන්ධානයේ මන්ත්‍රීවරුන් සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.