ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

‘කාන්තාවන් බාහු නිරාවරණය කිරීමෙන්’ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අර්බුදයක්.

ශරීරය වැඩිපුර නිරාවරණය වී ඇති ඇඳුමක් ඇඟලා සිටි බවට චෝදනා කරමින් මාධ්‍යවේදිනියක ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ගර්භයෙන් ඉවත් කර තිබේ.

දේශපාලකයන්ගෙන් ප්‍රශ්න ඇසීමට පැමිණි අවස්ථාවේ පැට්‍රීෂියා කාවෙලාස් (Patricia Karvelas) නම් මාධ්‍යවේදිනියට “ඔයාගේ ඇඳුම නිසා ඇඟ වැඩිපුර පෙනෙනවා” යැයි පවසා එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස දන්වා ඇත.

එය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට තුඩු දී ඇති අතර, බොහෝ දෙනෙකු මාධ්‍යවේදිනියගේ ඇඳුම සහ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ජුලී බිෂොප්ගේ ඇඳුම් සංසන්දනය කර සිය අදහස් පළ කර ඇත. ජුලී බිෂොප් බොහෝ විට කෙටි අත් හෝ අත් නොමැති ඇඳුම්වලින් සැරසී පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වනු දැකිය හැකිය.

ABC මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක වන පැට්‍රීෂියා කාවෙලාස්ට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනෙකු සහය පළ කර තිබුණු අතර, ඇය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම ඉතා දරුණු ක්‍රියාවක් මෙන්ම විහිළුවක් ලෙස ද සඳහන් කර තිබිණි.

සිය ඇඳුම පාර්ලිමේන්තු සම්මතයන්ට අනුකූල බව විශ්වාස කළ පැට්‍රීෂියා එකවර පිටතට යෑම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ තොරතුරුද කියවන්න:

බාහු නිරාවරණය කිරීමේ අයිතිය

මෙම සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන බව ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු කතානායක ටෝනි ස්මිත් පැවසුවේය. පාර්ලිමේන්තුවට අඳින ඇඳුම “තීරණය කිරීම තමන් සතු දෙයක්” වන අතර, අවසාන තීරණය ගත යුත්තේ කතානායකවරයා බව එරට පාර්ලිමේන්තු වෙබ්අඩවියේ සඳහන් වේ.

නියමයන්ට අනුව “පුරුෂයන් පාර්ලිමේන්තුවට ඇඳිය යුත්තේ හොඳ තත්වයේ දිගු කලිසම්, ජැකට්, කොලරය සහිත කමිස සහ ටයි පටි වන අතර, කාන්තාවන් ද ඊට සමාන තත්වයේ ඇඳුම් ඇඳිය යුතුයි.” මෙම නියමයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම මාධ්‍යවේදීන්ට ද අදාළය.

Right to bare arms   
  මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක් වන පැට්‍රීෂියා කාවෙලාස්

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ මෙවැනි සිද්ධියක් වූ පළමු වතාව මෙය නොවේ.

“අත් පෙනීම” ගැන පවතින “හාස්‍යජනක” නීතිය වෙනස් කිරීමේ උත්සාහයන් සාර්ථක නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඇඩම් බැන්ඩ්ට් පසුගිය වසරේදී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය. එමෙන්ම, උරහිස් වැඩිපුර නිරාවරණය වී ඇතැයි පවසමින් මින් පෙර අවස්ථාවකදී ද පැට්‍රීෂියා කාවෙලාස්ව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කර ඇත.

“මෙය කාන්තාවන්ට අගෞරව කිරීමක්, අපහාසයක්, පහතට දැමීමක් වගේම වෙනස්කොට සැලකීමක්,” යනුවෙන් එක් ට්විටර් පණිවිඩයක සඳහන් වී තිබිණි.

පැට්‍රීෂියාට සහය දැක්වීමට සමහර කාන්තාවන් සමාජ මාධ්‍ය ජාලවල සිය අත්වල ඡායාරූප පළ කර තිබුණි.

එක් කාන්තාවක් සඳහන් කර ඇත්තේ සිය නිරුවත් අත් සමග මාධ්‍ය කුටියක සිටිනවා වෙනුවට පාසලක ඉගැන්වීමට ලැබීම “වාසනාවක්” බවය.

තවත් සමාජ මාධ්‍ය ජාල පරිශීලකයෙකු කාන්තා නිරුවත් අත් ගැන හැෂ්ටැගයක් නිර්මාණය කර ඡායාරූපයක් පළ කර තිබේ. මෙම සිද්ධිය අලළා සමාජ මාධ්‍ය ජාලවල බොහෝ හාස්‍යජනක වැකි නිර්මාණය වී තිබෙනු දැකිය හැකිය.

(බීබීසී)