ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

එජාපෙ – TNA නියෝජිතයින් ජනපති හමුවට

අද දිනට යොදා ගෙන තිබූ විශේෂ සාකච්ජාව සඳහා මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ. මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමඟ ජනාධිපතිවරයා සාකච්ජා කරමින් සිටින අතර එම සාකච්ජාවෙන් පසුව එක්සත් ජාතික පෙරමුණේ නියෝජිත හමුව සිදුවනු ඇති.

ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර ඊයේ (29) පැවති සාකච්ජාවෙන් අනතුරුව උක්ත දෙපාර්ශවය සමඟ වෙන වෙනම අද දිනයේදී සාකච්ජා කිරීමට යෝජනා වී තිබුණි. ඒ අනුව පවත්නා දේශාපලන ව්‍යාකූලතාවට කඩිනමින් විසඳුමක් දිය යුතු බවට ජනාධිපතිවරයා සහ කථානායකවරයා එකඟතාවකට පැමිණ තිබේ.

එම සාකච්ජාවේ ප්‍රතිපලයක් ලෙස වැඩිදුරටත් සියලුම පාර්ශව සමඟ සාකච්ජා කළ යුතු බවට අදහසක් ඉදිරිපත් වීම නිසා අද දිනයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු අතර හමුව යොදාගෙන පැවති අතර බොහෝ දෙනා මත පළකලේ අද දිනයේදී දේශපාලන වෙනසක් සිදුවිය හැකි බවයි. එහෙත් මේ වන තෙක් නිල වශයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති අතර මෙම දෙපාර්ශවය සමඟ වන සාකාච්ජාවලින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.