ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

Update : ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට

පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවකු ලෙස අද (28) අධිකරණයේදී  නම් කෙරුණු   ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල්  රවින්ද්‍ර විජේගුණරත්න මහතා  මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත්තේය. අද(28) නඩුව අධිකරණයේදී  කැඳවු අවස්ථාවේදී  රහස් පොලීසිය විසින්   ඔහු එම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කරනු ලැබුවේය.

නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණ සිටි  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා නඩුව 2.30 තෙක් කල් තැබීමෙන් අනතුරුව  තමන්ට අයිති රියක නැගී පිටත්ව ගිය අතර නැවත  සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අධිකරණයට පැමිණිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු විය. ඔහු මේ වන විට බන්ධනාගාර නිලධාරීන් බාරයේ රඳවා සිටී.