මහින්දගේ වංචා දුෂණ හමස් පෙට්ටියට දමා ජනපති සිරිසේන, රනිල්ටත් ජනාධිපති කොමිසමක් ගෙනඒමට සැරසෙයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සිදුවූ දූෂණ වංචා සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන බව ඊයේ(25) විදේශීය ජනමාධ්‍යවේදින් හමුවූ අවස්ථාවේදී ජනාධිපති සිරිසේන පැවසීය.
මීට පෙර පසුගිය රාජපක්ෂ පාලනයේ වංචා දුෂණ හා අක්‍රමිකතා සෙවීමටද ජනපති සිරිසේන ජනාධිපති කොමිසමක් පත් කරන ලද නමුත් ඉන් කිසිදු පලක් නොවීය. රාජපක්ෂ පාලන සමයේ බරපතල වංචා දුෂණ විශාල ප්‍රමාණයක් එකී කොමිසම හරහා අනාවරණය කරගත් අතර ඒ කිසිවක් සදහා මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. එම වංචා දුෂණ සදහා අදාලව නීතිපති දෙපාර්තමේන්තුව හරහා නීතිය ක්‍රියාත්මක කිරීම වලක්වා තිබෙන්නේද ජනපති සිරිසේනගේ නියෝග මතවීම හාශ්‍යය දනවන කාරණයක් වන්නේය.
ජනතා බදු මුදල් විනාශ කරමින් මෙසේ ජනාධිපති කොමිසම් පත්කිරීම හරහා ජනපති සිරිසේන මාධ්‍ය සංදර්ශණ පවත්වන බවත් මහිනද් රාජපක්ෂ ප්‍රමුඛ නඩය පසුගිය කාලයේ සිදුකල වංචා දුෂණ පිලිබද අදාල නිර්දේශ ක්‍රියාත්මක කරමින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දඩුවම් කරනවා වෙනුවට එකී දුෂිතයින් සමග එකට අත්වැල් බැදගනිමින් ආණ්ඩු කිරීමට කටයුතු කිරීම හාශ්‍යයට කරුනක් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.