විශ්වාසභංග යෝජනාව පිළිගන්න – ඇමරිකාව ජනපති සිරිසේනට දැනුම්දෙයි.
ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් පහ කිරීම හා විශ්වාසභංග යෝජනා දෙකක් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බවයි. ප්‍රතිසන්ධාන හා ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපතිවරයා පොරොන්දුවිමෙන් පසු 2015 වසරේ සිට අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය වර්ධනය වූ බව සෙනෙට් සභික ක්‍රිස් වෑන් හෝලන් පෙන්වා දෙයි.
ගත වූ සති කිහිය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ සිද්ධීන් නීතියේ අධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අවධානමක් එල්ල වන බව ද ඔහු පවසයි. එම තත්ත්වය දෙරට අතර ශක්තිමත් වෙමින් පවතින මිත්‍රත්වයට තර්ජනයක් බවත් අමෙරිකානු සෙනෙට් සභිකයා ප්‍රකාශ කරයි.
එබැවින් මෙම තත්ත්වය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතියේ අධිපත්‍යය ආරක්ෂා කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමටත් පියවර ගන්නා ලෙස සෙනෙට් සභික ක්‍රිස් වෑන් හෝලන් ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා සිටියි.