පාර්ලිමේන්තුව අැරඹෙයි – පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින් නම් කරයි.
සෙංකෝලය රැගෙන ඒමෙන් පසු කතානායක කරුජයසුරිය මහතාගේ ප්‍රදානත්වයෙන් අද(23) පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරමෟභ විය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිහිටුවීම අර්බුදයකට පත්ව ඇති අතර නියෝජිතයින් 12 දෙනෙකුගෙන් සමන්විත විය යුතු එම තේරීම් කාරක සභාව සඳහා නම් කරන ලද මන්ත්‍රීවරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.
ඒ අනුව මහින්ද පාර්ශ්‍යවයට සාමාජිකයින් 05ක් , එක්සත් ජාතික පෙරමුණට 05ක් , දෙමළ ජාතික සංධානයට 01ක් සහ ජවිපෙ 01ක් ලෙස අදාල මන්ත්‍රීවරු 12 දෙනා නම්කර ඇති බව කථානායකවරයා මීට සුළු මොහොතකට පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදි.
මෙම නම් කිරීමට තමන් විරුද්ධ බව දිනේෂ් ගුණවර්ධන මහතා කථානායක වරයාට දැනුම් දෙන ලද අතර ඹවුන් මේ වනවිට සභාගැබෙන් ඉවත්වී පිටතට පැමිණ ඇත.
මේ වනවිට ජවිපෙ අනුර දිසානායක මහතාගේ යෝජනායකට අනුව මෙම තේරීම් කරක සභාව සදහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදු කිරීමට කටයුතු ස්දානම් කරමින් ඒ සදහා කථානායකවරයා සීනුව නාද කරන ලදි.