විශ්වාසභංග දෙකකින් සිදුවූ පරාජය පිළිගන්න – සෙනෙට් සභික ක්‍රිස් වැන් හොලන් ජනපතිට ලියයි
කුමන්ත්‍රණකරීලෙස හිටපු අගමැතිවරයා ඉවත්කර නව රජයක් පත්කරගැනීම ශ්‍රී ලංකාවේ නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බව ඇමරිකානු සෙනෙට් සභික ක්‍රිස් වැන් හොලන් මහතා පවසයි.
ඒ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවෙත ලිපියක් යොමුකරමින් මේ බව පවසා සිටියි.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වන්නේ අග්‍රාමාත්‍යවරයා බලයෙන් පහ කිරීම, පාර්ලිමේන්තුව කල් තැබීම,හදිසි මහ මැතිවරණයක් කැඳවීම සහ විශ්වාස භංග ප්‍රථීඵලය පිළිනොගැනීම වැනි කරුණු ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ද බලපෑමක් එල්ලවනු ඇති බවයි.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව කණගාටුව පලකරන හොලන් මහතා මහතා වැඩිදුරටත් දක්වා ඇත්තේ විශ්වාස භංග යෝජනා දෙකකින් කුමන්ත්‍රණ ආණ්ඩුව පරාජයවීම පිළිගන්නා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදයට හිසනමන ලෙසත් ය.
