කිසිම හේතුවකට පාර්ලිමේන්තුව කල් නොතබන බව ජනපති සිරිසේන කියයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය කිසිම හේතුවක් නිසා කල් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ට්විටර් ගිණුමෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
ජනාධිපතිවරයා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ ගෞරවය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන ලෙස කටයුතු කරන ලෙසයි.
