ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

Breakingnews ජනපති සිරිසේනගේ ඉල්ලීමකට අනුව මහින්දට හෙට නැවත විශ්වාසභංගයක්.

හෙට(16) දිනයේ නැවත විශ්වාස භංගයක් ඉදිරිපත් කර සම්මත කරගන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම් බව ජනාධිපති සිරිසේන අද(15) හවස විපක්ෂයේ පක්ෂ නායකයින්ට පවසා ඇත. පැය දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවේ දී රටේ පවතින දේශපාලන තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වු බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සිටියහොත් ඒ අනුව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ට අද සවස දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

තමන් නැවත පාර්ලිමේන්තුව කල් දැමීමට අපේක්ෂා නොකරන බවත් ජනාධිපති සිරිසේන අද (නොවැම්බර් 15) සවස විපක්ෂයේ පක්ෂ නායකයන් සමග පැවති හමුවේදී ප්‍රකාශ කර ඇත.

ඊයේ(14) ඉදිරිපත් කළ විශ්වාස භංගයේ පළමු කරුණ පිළිගත නොහැකි කරුණක් බැවින් අලුත් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා මෙම හමුවීමේදී පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එබැවින් ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව හෙට (නොවැම්බර් 16) නැවත වතාවක් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන එජාපය ප්‍රකාශ කරයි.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මීට ටික වේලාවකට පෙර පවත්වා අවසන්වූ සාකච්ඡාවක දී එකඟතාවකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාද පැවසීය.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ බව නිවේදනය කරයි.

පැය දෙකක පමණ කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවේ දී, පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව පිළිගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ද, ඡන්ද විමසීම මන්තී‍්‍රවරුන්ගේ නමින් සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකක නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.