ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බහුතරයට ඉඩදෙන්න ජනපති සිරිසේන එකඟතාවයට ආවා – මනෝ ගනේෂන්

පාර්ලිමේන්තුව තුළ පවතින බහුතරය පිළිගන්නා බවට ජනාධිපති  සිරිසේන එකඟතාවයක් පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. අද(15) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා සමඟ පැවති හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එම සාකච්ඡාව ඉතා සංවේදී සාකච්ඡාවක් වන බවත් එහිදී කරුණු දෙකක් පිළිබඳව කථා කළ බව ද මනෝ ගනේෂන් මහතා මෙහිදී මාධ්‍යයට කියා සිටියේය.

නමුත් එයින් එක් කරුණක් හෙළි කළ යුතු නොවන බවත්, අනෙක් කරුණ වන්නේ පාර්ලිමේන්තුව තුළ සම්මත වු යෝජනා පිළිබඳව වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.