ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනාධිපති සිරිසේනට වුණේ “මඟ හිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී” වගේ වැඩක් – රවුෆ් හකීම්

ජනාධිපතිවරයාට සිදුවුණේ “මඟ හිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී” වැනි තත්ත්වයක් බවත් ඒ අනුව මෙලෙස හැසිරෙන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ අද (11) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. පවත්නා දේශපාලන ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ඔවුන් උත්තරීතර මණ්ඩලය කැඳවා තිබුණි.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදය බිල්ලට දී එම වුවමනාවන් ඉටුකර ගැනීමට ඉඩදිය නොහැකි බව ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස ඊට විරුද්ධව නැගී සිටින බවද හෙතෙම අවධාරණය කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී සිදුව ඇති ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාවේ වැරදි අර්ථ නිරූපණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි කරනු ඇතැයි  රවුෆ් හකීම් මහතා පැවසීය.

ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව පිළිබඳ වැරදි අර්ථ නිරූපනයක් කර ඇති බව පෙනෙන්නට ඇති අතර එය පක්ෂග්‍රාහී බවයි රවුෆ් හකීම් මහතා පැවසුවේ. ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරන ඔහු වැඩිදුරටත් ප්‍රකාශකළේය.