‘ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න’ එක්සත් ජාතීන්ගේ මහලේකම් යළි ජනපති සිරිසේනට අවධාරනය කරයි.
නීතියේ ආධිපත්‍යයට සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ නෛතික ක්‍රියාවලියට අනුව යමින් අර්බුද විසඳා ගන්නා ලෙසත් ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට සහ ආයතනවලට ගරු කිරීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ජනපති සිරිසේනට නැවත අවධාරනය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරමින් 2019 වසරේ ජනවාරි 5 වැනිදා මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව දැනගන්නට ලැබිණි. එම තත්වය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දැන ගන්නට ලැබිනි. නීතියේ ආධිපත්‍යයට සහ අදාළ නෛතික ක්‍රියාවලියට අනුව යමින් අර්බුද විසඳා ගන්නා ලෙසත් ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට සහ ආයතනවලට ගරු කිරීම ඉතා වැදගත් බවත් පෙන්වා දිය යුතුයි. සාමය සුරක්ෂිත කරන අතරවාරයේදීම ශ්‍රී ලංකාව ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුයි. එමෙන්ම මානව හිමිකම්, යුක්තිය හා සාධාරණත්වය සහ ප්රතිසන්ධානය පවත්වාගෙන යා යුතුය. එම කරුණු වෙනුවෙන් කළ කැපවීම් හා ප්‍රතිඥා ද දිගටම පවත්වාගෙන යා යුතුයි”.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මීට පෙර ද ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබූ අතර මහලේකම්වරයා නොවැම්බර් 1 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දුරකතන ඇමතුමක් දෙමින් වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා ද කළේය.