ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසු සිරිසේනට ශ්‍රී ලාංකිකයෙක් දේශමාන්‍ය සම්මානයෙන් දමා ගසයි.

දේශමාමක හා අවංක ශ්‍රී ලාංකිකයෙක් ලෙස  රටේ පවතින කණගාටුදායක දේශපාලන අර්බුදය හමුවේ ඊට විරෝධය දැක්වීමක් ලෙස  තමාට පිරිනමන ලද දේශමාන්‍ය පදක්කම හා සහතිකය ආපසු ලබා දෙන බව ආචාර්ය දේවනේසන් නේසයියා පවසා තිබේ.
ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යවමින් මේ බව දන්වා තිබෙන අතර වසර 70ක ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම අමනෝඥ ලෙස බිඳ දැමීම හේතුකොටගෙන තමා තුළ හට ගත් අප්‍රසාදය නිසා තවදුරටත් එම පදක්කම තබා ගැනීමට තමන් අකමැති බවද එහි දක්වා තිබේ.
ශ්‍රී ලංකා සිවිල් සේවයේ කීර්තිමත් නිළධාරියෙකු වන දේවනේසන් නේසයියා 1959 සිට 2017 දක්වා කළ සේවය වෙනුවෙන් ඔහුට මෙම පදක්කම ජනාධිපති සිරිසේන විසින් පිරිණමා තිබු අතර ඒ 2017 වසරේ මාර්තු මාසයේය. මේ වන විට විදේශගතව සිටින තමා ශ්‍රී ලංකාවට පැමිණි විගස සිය පදක්කම හා සහතිකය ජනාධිපති සිරිසේනට ලබා දීමට කටයුතු කරන බව එම ලිපියේ සඳහන් කර ඇත.

ලංකාවේ සිවිල් සේවකයෙකු ලෙස වසර 60කට ආසන්න කාලයක් එජාප සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යටතේ සේවය කළ අචාර්ය දේවනේසන් එම කාලය තුළ තමා තාඩන පීඩන රැසකට මුහුණ දුන් බව පවසනවා.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු සිය පවුලේ සියලු දෙනා මෙන්ම හිත මිත්‍රාදීන් ද වැඩිවශයෙන් සංතෝෂයට පත් වූ බවයි. නමුත් පසුගිය සති කිහිපය තුළ සිදුවූ දේශපාලන සිදුවීම් හේතුවෙන් තමා කළකිරීමට පත්ව සිටින බව ඔහු මෙම ලිපියෙන් දන්වා සිටිනවා.

ආචාර්ය දේවනේසන් නේසයියා විසින් ජනාධිපතිවරයාට යොමුකළ විවෘත ලිපිය පහත සබැඳියාවෙන්,
https://www.facebook.com/notes/groundviews/an-open-letter-to-president-maithripala-sirisena/10160990470505641/