ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කතානායකවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම 13 වැනිදා – වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු

නව අගමැතිවරයාට හා ඇමැති මණ්ඩලයට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම කතානායකවරයාගේ උපදෙස් අනුව ලබන 13 වැනිදා සිදුකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. අසුන් පනවන ආකාරය කතානායකවරයා තමන්ට උපදෙස් දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවැසීය.

ඒ සඳහා සියලු කටයුතු සුදානම් කර ඇතැයි කී වේත්‍රධාරීවරයා නව පත් කිරීම් සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ගැසට් නිවේදන අනුව යමින් කතානායකවරයාගේද උපදෙස් ලබා ගෙන අසුන් පැනවීම කරන බව ප්‍රකාශ කළේය. කතානායකවරයාගේ උපදෙස් ලැබුණු පසුව පැයක පමණ කාලයකදී අසුන් පැනවීම සිදුකළ හැකි බවද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට ආරාධනා පත්‍ර බහුතරය දැනටමත් රජයේ මුද්‍රණාලයට බාරදී ඇතැයි කී වේත්‍රධාරීවරයා සැසිවාරය විවෘත කිරීමේ උත්සවය උත්සවාකාරයෙන් කරනවාද නැද්ද යන්න රජයෙන් තවමත් දැනුම් දී නැතැයිද ප්‍රකාශ කළේය.

වේත්‍රධාරීවරයා මේසේ පැවැසුවේ මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදීය.මැතිසබයේත් , පාර්ලිමේන්තු සංකීර්ණයේත් ආරක්ෂාව බාරව පවතින්නේ  වේත්‍රධාරීවරයාටය.ජනාධිපතිවරයා විසින් වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව යළි විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදාය.