ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ජවිපෙ 9වැනිදා පාරට බසී

‘කුමන්ත්‍රණ පරදවන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනබලය’ මැයෙන් ජවිපෙ සංවිධානය කරන උද්ඝෝෂණ පා ගමනක් සහ සම්මන්ත්‍රණයක් ලබන 09දා දිවයිනේ ප්‍රධාන නගර හතරකදී පැවැත්වේ.

ඒ අනුව අනිද්දා (09දා) පස්වරු 3.00ට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් මාතර නූපේ ‘සණස’ ශාලාවේදීත් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් රත්නපුර නගර ශාලාවේදීත්, ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ සහභාගිත්වයෙන් අනුරාධපුර නගර ශාලාවේදීත් දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහභාගිත්වයෙන් මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදීත් මේ සම්මන්ත්‍රණ පැවැත්වේ.

සම්මන්ත්‍රණ පැවැත්වෙන ස්ථානයට උද්ඝෝෂණ පෙළපාළියකින් විරෝධතාකරුවන් පැමිණීමට නියමිතය.

( අනුරාධා හේරත් – මව්බිම )