ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත වෙයි

2010 වසරේදී ඉදිකිරීම් කටයුතු අරඹ කල මීටර් 182 කින් යුත් ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරනු ලැබීය. ඉන්දීය රුපියල් බිලියන 29.9 ක වියදමක් මේ සදහා දරා ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය 31 වනදා එරට නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වූ සර්දාර් පටේල් මහතාගේ ප්‍රතිමාව මෙසේ විවෘත කරන ලද්දේය.
ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා නදී ගං ඉවුරේ ඉදිකළ මෙම ප්‍රතිමාව ඉන්දියාවේ ප්‍රධාන සංචාරක ආකර්ශණයක් වෙනු ඇතැයි නරේන්ද්‍ර මෝදි විශ්වාස කරන අතර තවත් පිරිසක් පවසන්නේ මෙය ජනතා මුදල් විනාශ කර දැමීමක් බවයි.