ඝාතන කුමන්ත්රණයේ නාලක ද සිල්වා සහ ෆොන්සේකාගේ සබඳතාව නාමල් කුමාර හෙළිකරයි
අමාත්‍ය සරත් ෆොන්ස්කා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ද හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ දේශපාලනික වශයෙන් කිට්ටු සබඳතා පැවැත්වු බව දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර පවසයි.
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරලීමේ කුමන්ත්රණයේ නාලක ද සිල්වා මහතා සමඟ පිටුපස සිටින්නේ සරත් ෆොන්සේකා මහතා බව තමා දන්නා නමුත් ඒ පිළිබඳ හරි හැටි ඔප්පු කිරීම සඳහා සාක්කි නොමැති නිසා තමා නිහඬව සිටින බවත් ඔහු සඳහන් කළේය. නාමල් කුමාර මහතා මේ බව පැවසුයේ අම්පාර මහඔය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
තුෂාර පීරිස් නැමැත්තා ප්‍රංශයේ සිට ලංකාවට ආයුධ ගෙන්වමින් රාජ්‍ය විරෝධි ක්‍රියාවක නිරත වීමට යන බව තමා පොලිස්පතිවරයාට දැනුම් දීමෙන් පසු ඒ වෙනුවෙන් පොලිස්පතිවරයා විසින් තමාට නාලක ද සිල්වා හඳුන්වා දුන් බවත් ඉන් අනතුරුව ඔහු සමග දිගින් දිගටම ගණුදෙනු කල බවත් ඔහු පවසයි.
මේ පිළිබඳව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ප්‍රකාශයක් ලබා දී ඇති බවත් ඒ ගැන සරත් ෆොන්සේකා මහතා නොදන්නා බවත් පැවසු නාමල් කුමාර මහතා සඳහන් කළේ ඒ ගැන නොදන්නා ෆොන්සේකා මහතා මේ දිනවල නිකුත් කරන ප්‍රකාශවලින් ඒ සබඳතා පිළිබඳ සැබෑ ලෙස පිළිඹිඹු වන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් කුමාර මහතා සඳහන් කළේ මේ පිළිබඳව සරත් ෆොන්සේකා මහතා තමාගෙන් විමසීමක් කළහොත් ඊට පිළිතුරු නොදෙන බවත් ජනාධිපතිවරයා තමාගෙන් ඒ පිළිබඳව විමසීමක් කළහොත් පමණක් ඊට පිළිතුරු දෙන බවයි. එසේ නොමැතිව සාක්කි නොමැති දේවල් පවසා තමා සිරගත වීමට සුදානම් නොමැති බවද හෙතෙම පැවසීය.