LeadSlider රාම් හා නඟුලන් යන කොටි නායකයින්ට ගෝඨා සල්ලි දුන්නා – අමාත්‍ය පාඨලි චම්පික රණවක October 25, 2018 Kamal Dhammika හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොටි සංවිධානයේ රාම් හා නඟුලන්ට පඩි ලබාදුන් බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද (25) කොලොන්නාවේ පැවති උත්සවයකට සහභාගි වෙමින් සඳහන් කළේය. මේ පිළිබඳව තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී කොටි නායකයන් තමන්ට නැගෙනහිර ඡන්ද ප්‍රමාණය සකස් කර දෙන බව පැවැසූ බවද අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කර සිටියේය. “නැගෙනහිර මිනී මරපු රාම්, නගුලන් වගේ නායකයින්ට ගෝඨාභය රාජපක්ෂ පඩි ගෙව්වා. කේ.පී.ට, රාම්, නගුලන්ට ඒ ත‍්‍රස්තවාදීන් හයසිය ගණනක් මොණරාගල, කතරගම අපේ ජනතාව මරපු අය. ඔවුන් අදටත් ජීවතුන් අතර ඉන්නවා. ඒ ත‍්‍රස්තවාදී නායකයින්ට රාජපක්ෂලා හානිපූරණය කරලා දුන්නා.ඒ වගේම දාහකට ආසන්න ප‍්‍රමාණයක් හමුදා බුද්ධි අංශවලට බඳවාගෙන මාසික පඩියක් කොටින්ට සහ ඔවුන්ගේ සන්නද්ධ අංශවලට දුන්නා.අපි ඇහුවා මොකද්ද මේ කරන්නේ කියලා, එතකොට කිව්වා වන්නියේ නැගෙනහිර කේ.පී.ලා, රාම්ලා, නගුලන්ලා ගිහින් ජනාධිපති ඡන්දෙදි මට ඡන්ද ටික හදලා දෙනවා කියලා මහින්ද මහත්මයා කිව්වා. රාජපක්ෂලා හානිපූරණය කළේ එහෙමයි. පුළුවන් නම් ඉස්සරහට ඇවිත් කියන්න කියලා අපි රාජපක්ෂලාට අභියෝග කරනවා බුද්ධි අංශවලින් පඩි ගෙව්වාද නැද්ද කියලා කොටි නායකයින්ට. එහෙම අය තමයි මේ ත‍්‍රස්තාවදය පරාජය කරන මාරක සටනේ පැත්ත පළාතක නොහිටපු උන් තමයි අද මේ ෆේස්බුක් එකේ වීරයෝ වෙන්න දඟලන්නේ” යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීහ. Post Views: 1,880 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print