ජනාධිපති ඝාතනය කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ සරත් ෆොන්සේකා – නාමල් කුමාර
නාමල් කුමාර විසින් මිට පෙර DIG නාලක් සිල්වා පිළිබද කල හෙළිදරව්ව පිලිබදව CID ට කල ප්රකාශයේදී DIG නාලක සිල්වාගේ ලගම දේශපාලන හිතවතා සරත් ෆොන්සේකා බව රහස් ප්‍රකාශයක් මගින් CID යට ලබා දුන් බව නාමල් කුමාර විසින් අද මාධ්‍ය හමුවේ හෙලිකලා.
ඊයේ දිනයේදී සරත් ෆොන්සේකා විසින් නාමල් කුමාරගේ පැටිකිරිය ලගදීම හෙළිවනු ඇති බවට කල ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් නාමල් කුමාර මෙය හෙලිකලා.DIG නාලක සිල්වා රැකගැනීමට සරත් ෆොන්සේකා විසින් දරන උත්සාහයෙන්ම එය පැහැදිලි වන බවයි ඔහු සදහන් කලේ.
ජනපති ඝාතනය කුමන්ත්‍රණය ඇතුළු තවත් කුමන්ත්‍රණ පිටුපස සිටින්නේ සරත් ෆොන්සේකා සහ තවත් පිරිසක් බව මෙහිදී ඔහු විසින් හෙළි කළේය.