ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජමාල් ඛෂෝගී වැනි ඝාතන මහින්දගේ පාලන සමයේ අපේ රටෙත් සිදු වුණා

2015ට පෙර මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී වැනි ඝාතන ශ්‍රී ලංකාව තුළද සිදු වූ බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය පැවසුවාය. ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව කියා සිටියාය.
රටේත් ජනතාවගේත් වාසනාවකට මෙන් 2015න් පසු එවැනි සිදුවීම් වාර්තා නොවූ බවයි ඇය කියා සිටියේ. නමුත් ප්‍රශ්නයක්ව පවතින්නේ පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ සිදුවූ එවැනි ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් කරවීම් ආදිය සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් නොලැබීම බව ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම පසුබිම තුළ ඔවුන් නැවත බලය ලබා ගැනීම සඳහා විවිධ ප්‍රෝඩාකාරී ක්‍රමවේදයන් පාවිච්චි කරමින් සිටින බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
(LNW)