ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනපති–ගෝඨා ඝාතන කුමන්ත්‍රණයේ නාලක ද සිල්වාගේ වැඩ තහනම්

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සේවය වහාම  ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යශය විසින් ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබේ.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් එම තීරණය කර ඇති බව වාර්තා වෙයි. අමාත්‍යවරයාගේ එම නිර්දේශය සහිත  ලිපිය අමත්‍යාංශයේ ලේකම් පද්මසිරි  ජයමාන්න මහතා  අත්සනින් යුතුව අද පෙරවරුවේ ජාතික පොලිස් කොමිසම වෙත යොමුකළ බව අමාත්‍යාශය සඳහන් කරයි.

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රනය  කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  දැනටමත්  පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම විමර්ශනයේ තොරතුරු අනුව  නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇති බවද  අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කියා සිටියේය.

නාලක ද සිල්වා මහතාට ඝාතන චෝදනා එල්ල වු  මොහොතේම ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍යවරයා  මීට පෙර ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ  කර තිබුණි.