මංගලගේ ‘සූත්‍රය’ විදුලි බිලටත් – රන්ජන් ජයලාල්
විදුලි බිල සංශෝධනය කිරීම සඳහාද ලබන මස 10 වනදාට පෙර මිල සූත්‍රයක් හඳුන්වාදීමට කඩිනමින් කටයුතු සිදුවෙමින් පවතින බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා චෝදනා කරයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට ඊයේ(15) කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට කේ.ඩී ලාල්කාන්ත ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකුද එක්ව සිටියේය.