ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බන්ධනාගාරවල ආරක්ෂාවට හෙට සිට STF කැදවයි.

බන්ධනාගාරවල සිදුවන විවිධ ජාවාරම් මැඩලීමේ අරමුණින් බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීම හෙට(17) දිනයේ සිට ආරම්භ කිරිමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාශය තීරණය කර තිබේ. ඒ අනුව බන්ධනාගාරයේ වටා ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සිදුකරනු ඇති.

ඒ අනුව ඊයේ දිනයේ සිට බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට තීරණය කර තිබුණ ද යටිතල පහසුකම් සපයා ගැනීමේ ඇති වූ දුෂ්කරතා හේතුවෙන් එය කල්දැමීමට සිදුවූ බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.කෙසේ වෙතත් හෙට දිනයේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් යෙදවීමට නියමිතව තිබේ.

ඉදිරි සති දෙක තුළ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල ආරක්ෂාවට ද පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට නියමිතයි.