NewsSliderSports දුෂණ නීති සංග්රහයේ වගන්ති කඩකල සනත් ජයසුරියට අයි.සී.සී ය දැල එළයි. October 15, 2018 Kamal Dhammika අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලයේ දුෂණ නීති සංග්රහයේ වගන්ති දෙකක් කඩ කිරිමේ චෝදනාව යටතේ ශ්රී ලංකා හිටපු තේරිම් කමීටු හිටපු සභාපති සනත් ජයසුරිය මහතාට නිදහසට කරුණූ දක්වන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ. එ අනුව (15) දින සිට දින 14 කාලයක් තුළ අදාළ වගන්ති කඩ කිරිම සම්බන්ධයෙන් සනත් ජයසුරියට සිය නිදහසට කරුණු දක්වන ලෙස අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිවේනදයක් නිකුත් කරමීන් පවසයි. එ අනුව පහතින් ඇති වගන්ති ශ්රී ලංකා හිටපු තේරිම් කමීටු සභාපති සනත් ජයසුරිය මහතා විසින් කඩ කර ඇති බව අයි.සී.සීය පෙන්වා දී තිබේ. 01/ වගන්තිය 2.4.6 අයි.සී.සී දුෂණ විරෝධි ඒකකය විසින් සිදු කරන ලද පරීක්ෂණය සමග සහයෝගයකින් තොරව සධාරණ හේතුවකින් තොරව එම පරික්ෂණ සඳහා සහාය දැක්විම ප්රතික්ෂේප කිරිම,අයි.සී.සී දුෂණ විරෝධි ඒකකය ඉල්ලා සිටි තොරතුරු හා ලියකිවිලි නිවැරදිව හා සම්පුර්ණයෙන් ලබා දීමට අපොහොසත් විම. 02/ වගන්තිය 2.4.7 අයි.සී.සී දුෂණ විරෝධි ඒකකය විසින් සිදු කරන පරීක්ෂණ වලට බධා පැමීණවිම සහ එම පරික්ෂණ පමා වන ආකාරයෙන් කටයුතු කිරිම,ලියකියවිලි වෙනස් කිරිම සැගවිම වෙනස් කිරිම සහ විනාශ කිරිම මගින් …. පරික්ෂණයන්ට අදාළ සාක්ෂි වසන් කිරිම යන චෝදනා යටතේ. Post Views: 919 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print