වැලි ලොරිය අත්අඩංගුවටගෙන වැඩ තහනමට ලක්වු සාජන්ට බුකියෙන් ආධාර – (VIDEO)
තෙබුවන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන පිළිබදව පසුගිය කාලයේ සමාජය තුල දැඩිව කතාබහට ලක්වුනා. ඒ තමන් විසින් අත්අඩංගුවට ගත් මහින්ද රාජපක්ෂගේ පක්ෂයට අයත් මන්ත්‍රීවරියකට අයත් වැලි ලොරියක් මුදා හැරීමට විරුද්ධව සටනක් දියත් කළ තෙබුවන පොලීසියේ සැරයන් සනත් ගුණවර්ධන රාජකාරී ගිනි අවියද රැගෙන නගරයට පැමිණ ඉහළ පොලිස් නිලධාරීන්ට විරෝධය දැක්වීය. ඉන්පසුව අත්අඩංගුවට පත්වූ සැරයන් සනත් ගුණවර්ධනගේ වැඩ තහනම් කිරීමට ඉහළ පොලිස් නිළධාරීන් කටයුතු කළා.
එම සිදුවීමෙන් අනතුරුව අසරණ වූ සාජන්ට් සනත් ගුණවර්ධනගේ වැටුප ගෙවීමට ෆේස්බුක් වෙබ් අඩවියේ පිරිසක් එක්වූවා. එම පිරිස විසින් තෙබුවන සාජන්ට් සනත් ගුණවර්ධනට ලබා දීමට මුදල් එකතු කිරීමට බැංකු ගිණුමක්ද ආරම්භ කර තිබුනා. ඉන්පසුව එම ගිණුමට එක්වූ රුපියල් තුන් ලක්ෂ විසිපන්දහසක මුදලක් පමණ සැරයන්වරයාගේ නිවසටම ගොස් පරිත්‍යාග කිරීමට එම පිරිස කටයුතු කර තිබුනා. ෆේස්බුක් සමාජජාලා ක්‍රියාකාරිකයෙකු වන වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා ඇතුලු පිරිසක් මෙම සත්ක්‍රියාවට දායක වී තිබුනා.
එම අවස්තාවේ සාජන්ට් සනත් ගුණවර්ධන දැක්වූ අදහස් පහතින්,
This morning I went to police segments place off Matugama with Wasantha who also contributed to the fund that we collected and handed over 325000 to him.His ackwoledgement of the same is in the attached video clip.
Posted by Nimal Edirisinghe on Sunday, 14 October 2018