කැප්ටන් කූල්ට ඉන්දියානු ගුවන් සේවිකාවකගෙන් ලිංගික අතවර චෝදනාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වත්මන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ලිංගික අතවර චෝදනාවක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දියානු ගුවන් සේවිකාවක් විසින් මෙම චෝදනාව කරමින් සමාජ ජාලවල පණිවුඩයක් තබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.
1988 වර්ෂයේ දී ගුවන් සේවිකාවක් ලෙස සේවය කරමින් සිටි තමන්ට ඉන්දියාවේ මුම්බායි නගරයේ හෝටලයකදී මෙම සිදුවීමට මුහුණ දීමට සිදුවූ බව ඇය සඳහන් කර ඇත.
ශ‍්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මුම්බායි නගරයේ හෝටලයේ රැඳී සිටිනු දුටු තමන් ඇතුළු මිතුරන් පිරිසක් සමරු සටහන් ලබා ගැනීමට එහි ගිය බව සඳහන් කරන ඇය හෝටලයේ පිහිනුම් තටාකය ආසන්නයේදී අර්ජුන රණතුංග තම ශරීරය අනවශ්‍ය ලෙස ඇල්ලූ බවත් තමන් වහා ඉන් මිදී එළියට දිව ආ බවත් ඇය වැඩි දුරටත් පවසා ඇත.
