නාමල්ගේ කිරි පැකට්වල විෂ කතාව බොරුවක්..! විරෝධතාවයේ අසාර්ථකත්වය වසාගැනීමේ උත්සාහයක්..!
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවයට ආණ්ඩුව විසින් වස සහිත කිරිපැකට් බෙදාදී ඇති බවට ඉදිරිපත් කල කිරිපැකට්වල කිසිදු වස විසක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නොමැති බවට රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇති බව වාර්තාවේ. ඉදිරිපත් කළ කිරි පැකට්වල කිසිදු වස විසක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නැති බවට රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණ වී ඇති බවත් මේ තුළින් අනාවරණය වන්නේ පසුගිය මස 05 වනදා පැවති විරෝධතාවයේ අසාර්ථකත්වය වසා ගැනීමටගත් උත්සහයක් බවත් පෙනීයයි.
ඒ ඔවුන් විසින් පොලිසියට ඉදිරිපත් කළ කිරි පැකට් පිලිබඳ රස පරීක්ෂක වාර්තාව නිකුත් වීම හේතුවෙනි. ඒ කිරි පැකට් වල කිසිදු වසක් විසක් හෝ ඖෂධයක් හෝ මිශ‍්‍ර කර නැතැයි රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු කර කර තිබේ.
මේ බව ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා මාධ්‍යයට හෙළි කෙළේය.
වෙන්නප්පුව ප‍්‍රදේශිය සභාවේ පොහොට්ටු මන්ති‍්‍ර නීතිඥ ඇලෙක්ස් නිශාන්ත විසින් එම කිරි පැකට්ටුවක් ද සමඟ ඉකුත් 10 වැනි දින කොටුව පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වුයේ පිටකොටුව ප‍්‍රදේශයේ කිසියම් පිරිසක් එම කිරිපැකට් බෙදු බවත් ඉන් තමන් සමග පැමිණි 25 දෙනෙක් රෝගී වු බවයි.
එම පැමිණිල්ල අනුව පොලිසිය අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අංක 3 අධිකරණයට නඩු අංක බී /99339/3/18 යටතේ කරුණු වාර්තා කර එම අධිකරණයෙන් ලබාගත් නියෝගයක් යටතේ එ් කිරි පැකට්ටුව 2018.9.13 දින රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
සිද්ධියට අදාල රස පරීක්ෂක වාර්තාව 2018.9.28 දින ලැබී ඇති අතර එහි සයනයිඩ්, ලෝහමය වස, පලිබෝධ නාශක වස වර්ග වැනි වස හෝ ඖෂධ අඩංගු නොවන බවට සඳහන් ව තිබු බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
පැමිණිලිකරු විසින් ඉදිරිපත් කළ කිරි පැකට්ටුව විවෘත කිරීමක් පවා සිදුකර නොමැති බවට එම රස පරීක්ෂක වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන බවද රුවන් ගුණසේකර මාධ්‍යයට කීවේය.
මේ අනුව පෙනී යන්නේ එදා හොරුන්ගේ රස්තියාදුවට සහභාගී පිරිස් වලට ඔ්ල් සේල් බඩ ගොස් ඇත්තේ සංවිධායකයන් විසින් දුන් පිළුණු වූ ආහාර කෑමෙන් සහ යල් පිනූ කිරි පැකට් බීම හේතුවෙන් බවයි. පා ගමනට ආ පිරිස් වෙත පිළුණු ආහාර යල් පිනූ කිරි පැකට් බෙදුවද නාමල් රාජපක්ෂලා ඇතුළු සංවිධායකයින් කොළඹ සුපිරි හෝටල් වලින් ආහාර පාන ගෙන සුදිය දැමූ අයුරු සේයාරූ සහිතව කොළඹ සුපිරි හෝටලයක් වන ෂැන්ග්‍රිලා හෝටලයේ කාමර 80 ක් ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් ඇතුළු සුපර්මෑන්ලා වෙත නොමිලේ ප්‍රදානය කර තිබිණ. ඒ කොළඹ හිල්ටන් ටාජ් සමුද්‍රා ආදී වෙනත් හෝටල් වලට අමතරව ය.