NewsSlider ඥානසාර හිමිගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවතදමයි. October 6, 2018 Kamal Dhammika අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) ප්‍රතික්ෂේප කරමීන් ලබා දුන් දඬුවමද තහවුරු කළේය. එම අභියාචන අඅයදුම්පත ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ තිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (05) කැඳවුහ. තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම අභියාචනය ප්‍රතික්ෂේප කළ බවයි. එහිදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට චෝදනා හතරක් එල්ල කර තිබෙන අතර ඒවා ඉදිරිපත් කර ඇති ආකාරය නීතියට පටහැණි බවයි. මේ හේතුවෙන් උන්වහන්සේට පණවා තිබෙන දඬුවම්ද නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය. එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා සඳහන් කර සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් පවතින බවයි. 2016 වසරේ ජනවාරි මස 25 වනදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරී අධිකරණ ක්‍රියාදාමයට බාධා කොට අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කරමින් ඥාණසාර හිමියන්ට එරෙහිව එම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිල්ල පදනම් කරගෙන නීතිපතිවරයා විසින් ඥාණසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරනු ලැබුවේය. දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය විසින් ඥාණසාර හිමියන්ව එම චෝදනාවලට වරදකරු කර වසර 19 ක සිරදඬුවමක් නියම කළ අතර එම සිරදඬුවම වසර 6 කින් ගෙවි යා යුතු බව නියම කළේය. Post Views: 1,034 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print