ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘මිනිසෙකුටු තියා බල්ලෙකුටවත්’ කන්න බැරි කජු වෙනුවට ශ්‍රී ලංකන් ගුවන් සේවයට සංස්ථාවෙන් කජු

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අවශ්‍ය කජු නැවතත් ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් මිලදී ගැනීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙයි. 2016 වසර දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු සපයා ඇත්තේ කජු සංස්ථාවෙන් වුවත් පසුව එහි මිල ගණන් වැඩි බව සඳහන් කරමින් සමාගම විසින් ඩුබායි රාජ්‍යයෙන් කජු මිලදී ගෙන තිබේ.

කෙසේ වෙතත් එම කජුවල ගුණත්වය පිළිබඳව ගැටලුවක් මතුවූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සමගිනි. එහිදී ජනපතිවරයා සඳහන් කළේ එම කජු ‘මිනිසෙකුටු තියා බල්ලෙකුටවත්’ ආහාරයට ගැනීමට නොහැකි බවයි.

ගුවන් සමාගමට කජු සැපයිය හැකි මිළ ගණන් මේ වන විටත් කජු සංස්ථාව ඉදිරිපත්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණි පසු නැවතත් සංස්ථාව මගින් ගුවන් සමාගමට කජු සැපයීමට නියමිතය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් මෙම කජු ලබාදෙයි