NewsSlider බස්නාහිර පළාත් සභාවේ සැප පුටු සම්බන්ධ වාර්තාවත් දෝෂ සහිතයි. August 30, 2018 Kamal Dhammika බස්නාහිර පළාත් සභාවට රුපියල් 640 000 ක පමණ වටිනාකමකින් යුත් පුටු ගෙන්වීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාවේ දෝෂ පවතින බවත් , අදාළ වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ ලෙස අධ්‍යනය කළ යුතු බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාව පළාත් ආණ්ඩුකාරයා වෙත ඊයේ (29) භාරදී තිබුණි. පළාත් සභාවේ නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා බෙල්ජියමෙන් පුටු 125 ක් ගෙන්වන බවට පසුගියදා ආණ්ඩුකාරවරයා වෙත ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි විසින් පැමිණිලි කරනු ලැබීය. පසුව අදාළ තීරණය අත්හිටුවූ ආණ්ඩුකාරවරයා ඒ සඳහා විමර්ශනයට පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබීය. Post Views: 833 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print