ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හකීම් – මනෝ මහින්ද රාජපක්ෂ හමුවෙති.

පළාත් සභා ඡන්ද පිළිබඳව කතා කිරීමට මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා දෙමළ ප්‍රගතශීලී පෙරමුණෙහි නායක මනෝ ගනේෂන් අමාත්‍යවරයා පසුගිය බ්‍රහස්පතින්දා (09) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබේ. පළාත් සභා ඡන්දයට අමතරව දේශපාලන තත්වය පිළිබඳවද එහිදී අදහස් හුවමාරු වූ බවද වාර්තාවේ.

පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් බරපතළ නීතිමය අර්බුදයක ආණ්ඩුව සිරවී සිටින අතර පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්විම් කිහිපයකි පැවැත්වුවද මේ දක්වා විසදුමකට එළඹීමට නොහැකිවී ඇත. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ පක්ෂ නායක රැස්වීම 4 වන වතාවටත් පසුගිය බ්‍රහස්පතින්දා (09) රැස්වූ අතර එය අවසන් වී ඇත්තේද නිශ්චිත විසඳුමකින් තොරවය.

පක්ෂ නායක රැස්වීමේදී ශ්‍රීලනිප නියෝජිතයන් නව මිශ්‍ර ක්‍රමයට ඡන්ද පැවැත්විය යුතු බව සුපුරුදු පරිදි ප්‍රකාශ කර ඇති අතර, එජාප නියෝජිතයන් පවසා ඇත්තේ පැරණි සමානුපාතික ක්‍රමයට ඡන්ද පැවැත්විය යුතු බවය. අමාත්‍ය රවුෆ් හකීම් නායකත්වය දරන මුස්ලිම් කොන්ග්‍රසය මෙන්ම අමාත්‍ය මනෝ ගනේෂන් නායකත්වය දරන දෙමළ ප්‍රගතශීලි පෙරමුණද පැරණි ක්‍රමයට කැමැත්ත පළකර ඇති අතර දෙමළ ජාතික සන්ධානයද ඊට සමාන මතයක් ඉදිරිපත් කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පවසා ඇත්තේ කුමන ක්‍රමයකට හෝ කඩිනමින් පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු බවය. ජවිපෙ ප්‍රතිපත්තියක් ලෙස නව ක්‍රමය අවශ්‍ය බව ප්‍රකාශ කර ඇතත්, කුමන ආකාරයෙන් හෝ ඡන්ද කඩිනමින් පැවැත්වීය යුතු බව ප්‍රකාශකර ඇත.