හිටි හැටියේ ෆේස් බුක් වෙබ් අඩවියේ බිඳ වැටීමක්
සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාජ ජාලයේ බිඳ වැටීමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. බ්‍රිතාන්‍යය ගිම්හාන වේලාවෙන් පස්වරු 5.15ට (නැගෙනහිර වේලාවෙන් පැය 12.15)ට පමණ මෙම බිඳ වැටීම සිදුව තිබේ. කෙසේ වෙතත් විනාඩි 5 ක 10 ක කාලයක් තුළ එය නැවත යථා තත්ත්වයට පත්වී ඇති බවද වාර්තා වේ.
මේ අතර ලෝකයේ විවිධ ස්ථානවලද මෙලෙස ෆේස් බුක් වෙබ් අඩවිය සහ ෆේස් බුක් ඇප් වෙත පිවිසීම අවහිර වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ලොව ස්ථාන කිහිපයක්ම ඒ පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙන අතර ෆේස්බුක් පරිශීලකයන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ද වාර්තා වේ.
‘සම්පූර්ණ බිඳවැටීමක්’ සිදුව ඇතැයි පැමිණිලි කරන ලද ෆේස්බුක් පරිශීලකයන්ගෙන් සියයට 43කට ආසන්න පිරිසක් පැමිණිලි කර ඇතැයි ද එම සමාගම සඳහන් කරයි.
ෆේස්බුක් සමාගමේ බිඳවැටීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ද පැමිණිලි කර ඇත.
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ බිඳ වැටීම වැඩි වශයෙන් බලපා ඇත්තේ එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ බ්‍රසීල යන රටවල් සහ එම රටවල් ආසන්න කලාපවලටය.
ෆේස්බුක් සමාජ ජාලයේ බිඳ වැටීම නිසා ‘ඉන්ස්ටග්‍රම්’ ඡායාරූප සමාජ වෙබ් අඩවියට පිවිසීම ද අපහසු වී ඇත.
ඬේලිමේල්